නියඟය කළ හදියක්.

වියළි කාලගුණය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය අක්කර 50,000 ඉක්මවන බවත් , ඒ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා බලපෑම් එල්ල වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අද (18) දිනය වන විට දිස්ත්‍රික්ක 15ක පවුල් 60,943කට අයත් පුද්ගලයන් 210,652ක් වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බවයි.

Exit mobile version