නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි බස් රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ දී ගැටීම නිසාවෙන් අද (15) සිදු වූ අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 21 දෙනෙකු සහ ගුරැවරියක් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථ හයක් හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට පැමිණෙන අතරතුර ඉදිරියෙන් පැමිණි බස් රථය වාහන තදබදයක් නිසාවෙන් තුන්නාන ප්‍රදේශයේ දී නැවැත් වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි බස් රථය ඉදිරියේ නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
අනතුරින් පසු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල සිසුන් 18 දෙනෙකුට සුලු තුවාල පමණක් සිදුව ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සදහා සිසුන් තිදෙනෙකු හෝමාගම මූලික රෝහල වෙත මාරැ කර යැවූ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වේ.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පාදුක්ක පොලීසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.