මාතර සිට කොළඹ බලා ධාවනයවූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් රත්මලාන ගොළුමඩම හන්දියේදී අනතුරකට ලක්වී තිබෙන බව වාර්තා වේ .
අනතුරින් තුවාල ලැබූ බස් රථයේ කොන්දොස්තරවරයා රෝහල්ගත කර ඇති අතර බස් රථයේ තිරිංග අක්‍රීයවීමෙන් අනතුර සිදුවී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන් .
වාර්තා වන ආකාරයට බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මංතීරු දෙක වෙන්කෙරෙන දූපත් කොටසේ ඇති මැද යකඩ වැට කඩාගෙන ගොස් නතරවී ඇති අතර එහිදී යකඩ ආවරණ කොටස් 08ක් කඩාගෙන බස් රථය ඉදිරියට ධාවනයවී තිබේ.
අනතුරත් සමඟ මංතීරු දෙකේම රථවාහන තදබදයක් හටගෙන තිබූ බව ද වාර්තා වේ .
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ .