ඊයේ (20) පස්වරුවේ ගම්පොළ සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වූ කැබ් රථයක් පුස්සැල්ලාව සැන්කුවාර් ප්රදේශයේදී මාර්ගයේ පෙරළීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අනතුර සිදු වන අවස්ථාවේ දී කැබ් රථය තුළ කුඩා දරුවෙකුද සිට ඇති අතර එම දරුවාට කිසිදු හානියක් සිදුව නොමැති බව සඳහන් වේ.
කැබ් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ පුස්සැල්ලාව ප්රදේශයේම පදිංචි අයෙකි.