ජනපති ඉදිරිපත් කළේ ඩිස්නිලන්තය පෙන්වා රට සෝමාලියාවට දක්කන අය වැයක් බවට ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් මන්ත්රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූ බව වාර්තා වේ.
අය වැයේ තියෙන්නේ යළි පුබුදමු ශ්රී ලංකා රට විකුණන වැඩ සටහන බව කී හේරත් මහතා එහි තිබෙන්නේ විකුණන් කෑම සහ බදු ගැහිල්ල පමණක් බවට සඳහන් කර තිබේ.
2023 නීල හරිත ආර්ථිකයක් කරන බවත් ඩිජිටල් ආර්ථිකයක් ගෙනෙන බවත් පෙර අයවැයෙන් කිව්වත් ඒ එකෙක්වත් මහපොළොවේ සිදු වුණේ නැතැයි කී විජිත හේරත් මහතා රටේ ජල සම්පතක් විකිණීම සඳහා කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද ඉදිරියේ දී ආණ්ඩුවට විරුද්ධව අධිකරණ තීන්දු පමණක් නොව ජනතා තීන්දු ලැබෙන බවද ප්රකාශ කර තිබේ.