කෘෂිකර්ම පර්යේෂණ ගොවිපොළ වල දෛනික වැටුප් යටතේ සේවය කරන කම්කරුවන්ගේ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති පර්යේෂණ ගොවිපොළ වල දෛනික වැටුප් පදනම යටතේ සේවය කරන කම්කරුවන්ට දැනට ලබා දෙන දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවත්, ඒ හේතුවෙන් පර්යේෂණ ගොවිපොළවලට කම්කරුවන් හිඟවී ඇති බවත් , කම්කරු හිඟය නිසා බතලගොඩ පර්යේෂණ ගොවිපොලේ ඇතැම් ස්ථානවල වී අස්වනු නෙලා ගැනීමට නොහැකි වී ඇති බවත් කෘෂි නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයා හට දැනුම් දී තිබේ .
මෙම දීමනාව අඩු තරමින් 50% කින් වත් ඉහළ දැමීමට හැකිනම් ගොවිපොළවල කම්කරු ගැටළුව විසඳාගත හැකි යැයි නිලධාරිහු ප්‍රකාශ කරන ලදී .