බණ්ඩි පොහොර 50% කින් අඩු කරන්න කැබිනට් පත්‍රිකාවක්.

බණ්ඩි පොහොර මිල තවත් 50% කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ .

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් පවතින බවයි.

ඒ අනුව එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් 50% ක මිල අඩු කිරීමක් කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරන ලදී .

අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ඒ අනුව බණ්ඩි පොහොර මිල 50% කින් අඩු කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇති බවත් ය.

Exit mobile version