යම්කිසි උසස් අධ්‍යාපන ආයතනයක කිසියම් සිසුවෙකු නවකවධයකට ලක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් ඉදිරියේ දී හදුන්වා දීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ඊයේ (14) ” ස්ථාවර රටකට සැවොම එක මඟකට ” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මෙමඟින් නවක වධය තරමකින් හෝ නතර කිරීමට ඉදිරියේ දී හැකිවනු ඇති බවත් , නවක වධය දෙමින් පුරවැසි අයිතිවාසිකම් උදුරාගැනීම සමාජයට නුසුදුසු ක්‍රියාවලියක් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ .