ඉතා සූක්ෂමව මහා පරිමාණයෙන් වගාකර තිබූ ගංජා වගාවන් දෙකක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත තණමල්විල පොලිස් වසමේ ඇඹිලිපිටිය ප්රදේශයේ දී වැටලීමි සිදුකර ඇත.
එහි දී පර්චස් 20 ක පමණ භූමි ප්රමාණයක වගා කරන ලද ගංජා පැළ 4,210 වගාවක් සැකකරුවෙකු නොමැතිවද, පර්චස් 15 ක පමණ භූමි ප්රමාණයක වගා කරන ලද ගංජා ගස් 4,940 ක් සහිත වගාවක් ඌව කුඩාඔය ප්රදේශයේ පදිංචි අවුරුදු 32 ක පුද්ගලයකු සමග අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා පැළ 10 ක් හා ගංජා ගස් 10 තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශ කළ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.