අද (02) දින උදෑසන කාලයේදී වරකාපොල පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ අඹේපුස්ස දෙස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ සිමෙන්ති පටවා ගත් ප්‍රයිමුවර් වර්ගයේ ලොරි රථයක මුහුණට මුහුණලා ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් බස් රථයේ ගමන් කළ පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වරකාපොල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.