රිය අනතුරක්.

ඊයේ (19) සවස දොම්පේ දෙමාලගම, කටුලන්ද මාර්ගයේ දෙමාලගම දෙස සිට කටුලන්ද දෙසට ධාවනය කරමින් සිටි ත්‍රීරෝද රථයක් මාර්ගයේ වම්පස අයිනේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා එම ත්‍රීරෝද රථයෙන්ම දොම්පේ රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි දෙමාලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරු ත්‍රීරෝද රථයෙන් පළා ගොස් ඇති බවට පොලීසිය පවසයි.

මෘත ශරීරය දොම්පේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version