පුත්තලම යාපනය ප්රධාන මාර්ගයේ අටේ කණුව ප්රදේශයේදී ලොරි රථයක් සහ cap රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනුරාධපුර දෙසින් පුත්තලම දෙසට ගමන් කළ cap රථය දකුණු මං තීරුවට ගොස් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී අනතුර සිදුව තිබුණි.
පුත්තලම දෙසින් පැමිණි ලොරි රථය වාහනය නවතාගැනීමට තිරිංග තද කර තිබුණද අධික වේගයෙන් පැමිණීමත් සමග එය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පලකරනු ලබයි.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර cap රථයට සහ ලොරි රථයට බරපතළ හානි සිදු වී තිබේ.
අනතුරට පත් කැබ් රථය සහ ලොරි රථය පරීක්ෂණ සදහා කරුවලගස්වැව පොලිසියට රැගෙන ගොස් ඇත.