බඩල්කුඹුර – බදුල්ල ප්රධාන මාර්ගයේ බඩල්කුඹුර පොලිස් බල ප්රදේශයට අයත් පුස්සැල්ලාව ප්රදේශයේදී බස් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් බස් රථයේ රියදුරු , මගීන් සිව්දෙනෙකු සහ බවුසර් රථයේ රියැදුරු තුවාල ලබා මොණරාගල දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ .
තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .