වැලිගමදී රිය අනතුරක්.

වැලිගම කූඩලුගම පාතේගම මාර්ගයේදී ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවූ බටවල පාතේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා වැලිගම වලාන රෝහල වෙත ඇතුළත් කිරීමේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version