දකුණු අප්‍රිකාවේ උතුරු දිග දේශසීමාව ආසන්න ප්‍රදේශයකදී ට්‍රක් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මෙම අනතුර සිදුව ඇත්තේ සිම්බාබ්වේ දේශසීමාවට ආසන්න ලිම්පෝපෝ පළාතේ දී යි.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ පතල් කැනීම් වල නිරතව සිටින කම්කරුවන් පිරිසක් අනතුරට ලක් වූ බස් රථයේ ගමන් කර ඇති බවත් , ඔවුන් දකුණු අප්‍රිකාවේ විශාලතම දියමන්ති පතලක සේවකයන් පිරිසක් බවත් ය.
එමෙන්ම ට්‍රක් රථයේ රියදුරුට බලපත්‍රයක් නොමැති බවත් , එම රථය ධාවනය සඳහා නුසුදුසු තත්ත්වයක පැවති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් හෙළිව තිබේ .