ඇල්ල – වැල්ලවාය ප්රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බලප්රදේශයට අයත් 2 කණුව ප්රදේශයේ දී මෝටර් රථයක් පාලමක් අසලින් කිරිඳිඔයේ අතු ගංගාවකට පෙරළී ඇති බව වාර්තා වේ .
අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් එකම පවුලේ පිරිසක් බව සඳහන් .
ඉන් එක් අයෙක් උප පොලිස් පරීක්ෂකවරයෙක් වන අතර තවත් අයෙක් ගුවන් හමුදා සෙබළෙකි.
අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනකු වැඩිදුර ප්රතිකාර සඳහා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව ද වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි .