කඳුකරයෙන් හමු වූ දිවියෙකුගේ මළසිරුරක් .

බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙතන්ටි වතුයායේ තිබී දිවියෙකුගේ මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ.

අද උදැසන 8.00 පමණ එම වතුයායේ ගමන් කළ පුද්ගලයෙකු මෙම දිවි මළ සිරුර දැක ඇති අතර පසුව ඒ පිළිබඳව හැටන් පොලීසියට හා නල්ලතන්නිය වන ජිවි කාර්යාලයද දැනුම්දීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමසීමකදි අදහස් දැක්වූ හැටන් පොලීසියේ නිලධාරියකු පවසන ලද්දේ අඩි හතරක් දිගින් යුත් මෙම දිවියා යම් කිසි සතකුගේ ප්‍රහාරයට ලක් විමෙන් මිය ගොස් ඇති බවට සැක කරන බවයි.

Exit mobile version