බදියුදීන්ට නඩුවක්.

අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින්, විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබා  දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළ බව චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ගොනුකිරීට අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍යවරයකු වන  රිෂාඩ් බදියුදීන් මහතාට කල් ලබා දී ඇති බව වාර්තාවේ.

ඒ වන විට වගඋත්තරකාර රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ද අධිකරණය හමුවේ පෙනී සිටි බව සදහන් වේ.

එම අවස්ථාවේ  රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණයට කරුණු දක්වමින් දැනුම් දී ඇත්තේ පෙත්සමට අදාළ විරෝධතා ගොනුකිරීමට කල් ලබාදෙන ලෙසයි.

නීතිඥ ෆයිස් මුස්තාපාගේ එම ඉල්ලීමට අධිකරණය විසින් අවසර දුන් අතර  අදාළ විරෝධතා ජූලි මස 21 වනදාට පෙර ගොනුකරන ලෙසත්  පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 28 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

Exit mobile version