සරණට අල්ලස් කොමිසමෙන් නඩුවක්.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කුලී පදනම මත ලබාගත් වාහන තුනක් අවභාවිතා කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 11 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙන බවට වාර්තා වේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැදවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ නඩුවේ 13 වන සාක්ෂිකරුගෙන් නඩු විභාගය ආරම්භ කරන ලෙසත් ,මෙම නඩුව විභාගය සදහා දිනයක් නියම කරන ලෙසත්ය .

ඒ අනුව අදාළ සාක්ෂිකරුට සිතාසි නිකුත් කර නඩු විභාගය සදහා අගෝස්තු මස 11 වනදා කැදවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

Exit mobile version