ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ උරහිසේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඔහුට එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන ඉදිරි තරග දෙක අහිමිව ඇති බව වාර්තා වේ .
ඒ අනුව ඔහුව ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ.
ඒ හේතුවෙන් මතීෂ පතිරණට ලබන 16 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය සහ ලබන 21 වැනිදා නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නීයමිත තරග අහිමිවනු ඇති බව වාර්තා වේ .