එකතු කළ අගය මත බද්දේ වෙනසක්.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකතු කල අගය මත වන බදු අනුපාතිකය 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.

තවදුරටත් කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සදහන් වන්නේ 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම 51% කින් ඉහළගොස් ඇති බවයි.

එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකග වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරාගැනීමට මෙතෙක් හැකියාවක් නොමැති බවද මූල්‍ය අරමුදල සමග එකග වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිස මෙලෙස වැට් බද්ද ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

එසේම දැනට VAT නොමැති ඇතැම් භාණ්ඩ හෝ සේවා මත එකී බදු පැනවීම ඇතුලු නව බදු යෝජනා කිහිපයක් 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සදහා මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව ඇති බවට තවදුරටත් වාර්තා වේ.

Exit mobile version