නොරෝච්චෝල නගරයේදී කුඩා ලොරි රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවූ අනතුරකින් පස් හැවිරිදි දරුවකු මරණයට පත්ව දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහක් වයසැති වර්ණකුලසුරිය අරෝෂ් නැමති දරුවෙකි.
මාරක අනතුරින් මරණයට පත්වු දරුවා කල්කුඩාව පිපෙන කැකුළු පෙර පාසලේ අධ්‍යාපනය හදාරන සිසුවෙකු බව කියයි.
අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි මරණයට පත් දරුවාගේ පියා හා ඔහුගේ මිතුරෙකු බරපතල තත්ත්වයෙන් සිටිම හේතුවෙන් පුත්තලම මූලික රෝහලින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවු බවට රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
නොරෝච්චෝල නගරයේ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට දි මෙම මාරක අනතුර සිදුව තිබූ බවට පොලීසිය පවසයි.