වසය අවුරුදු 13ක් පමණ වන දරුවෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.
ඊයේ (14) දහවල් මෝදරවත්ත මාදු ගං මෝයෙහි දියනෑමට ගොස් වයස අවුරුදු 13 ක දරුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ .
තරුණයින් දෙදෙනෙකු සමග ක්රිකට් ක්රීඩා කිරීමට යන බව දෙමව්පියන්ට පවසා එම දරුවා දියනෑමට ගොස් ඇති අතර අතුරුදන්වී ඇති දරුවා සොයා පොලීසිය, නාවික කිමිඳුම්කරුවන් එක්වී විමර්ශන සිදුකරයි.