CID නිලධාරියෙක් කුඩු සලිඳුගෙන් මිලියන 130 ක අල්ලසක් ඉල්ලලා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පාතාල අපරාධකරුවකු වන ” කුඩු සලිඳු ” හෙවත් සලිඳු මල්ෂක ගෙන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් විසින් රුපියල් මිලියන 130 ක අල්ලසක් ඉල්ලා ඇති බවට වාර්තා වේ.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ රඳවා සිටින සැකකරු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (26) කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ පැමිණි අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබෙන බව සඳහන් .

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් තමන්ගෙන් අල්ලසක් ඉල්ලා සිටි බවත්, ඒ බව පසුගිය මැයි 31 වැනිදා එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට දන්වා සිටි බවත්, සැකකරු විසින් මහේස්ත්‍රාත්වරයාට එහිදී ප්‍රකාශ කර තිබේ .

ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ .

Exit mobile version