ඇඹිලිපිටිය, සෙවනගල, රන්වැලිගම ප්‍රදේශයෙදී යුද හමුදා කමාන්ඩෝ සෙබලෙකු විසින් පුද්ගල ඝාතනයක් සිදුකර තිබෙන බව වාර්තා වේ.
අද ( 15 ) අලුයම 2.30 ට පමණ සිඳුව තිබෙන මෙම ඝාතනයෙන් මියගොස් තිබෙන්නේ 60 හැවිරිදි වීරසිංහ ආරච්චිගෙ සුමනපාල නැමති පුද්ගලයෙකි.
මෙම ඝාතනය සිඳුකර තිබෙන කමාන්ඩෝ සෙබලා පසුව පලාගොස් තිබෙන අතර ඝාතනය සඳහා භාවිතා කළ බවට සැකකරන මන්නා පිහිය සහ ඔහු පැමිණි ත්‍රීවීල් රථය කිරීඉබ්බන් වැව , සූරියවැව මාර්ගයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. වැඩි දුර පරීක්ෂණ කටයුතු සෙවනගල පොලිසිය මඟින් සිඳු කරන බව සඳහන් වේ.