සමුපෙ රැකගන්න කමිටුවක් .

සමුපකාර ව්‍යාපාරය ආරක්ෂා කිරීමට පළාත් සභා නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්වවල සහභාගීත්වයෙන් කමිටුවක් පත් කිරීමට බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.

තවද සමුපකාර බැංකු සඳහා මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල් නැවත ගෙවීම පිළිබඳ සාකච්ඡා වූ අතර දෙහිවල – ගල්කිස්ස සමුපකාර සමිතිය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීමට සණස සම්මේලනය හා හෝමාගම විවිධ සේවා සමුපකාරයේ සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එසේම මෙම කාරක සභාව අවස්ථා කිහිපයකදී රැස්වීමෙන් අනතුරුව මෙරට ආර්ථික අර්බුදයේ බලපෑම, සමුපකාර සමිතිවල වංචා දූෂණ, නිලධාරීන් විසින් ගත් අදූරදර්ශී තීරණ සහ ගිණුම් විගණනයක් නිසි කාල සීමාවලදී සිදු නොකිරීම යන කරුණු 4 හඳුනාගත් බවට කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරු මෙහිදී පෙන්වා දී ඇත.

Exit mobile version