ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා පැමිණිල්ලක්.

ඇඹිලිපිටිය උඩගම මහ විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිවරයාට එරෙහිව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ .

එම විදුහල්පතිවරයාගේ වංචා , දූෂණ , අක්‍රමිකතාවලට එරෙහිව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධානීන් හය දෙනෙකු විසින් සබරගමුවේ අධ්‍යාපන බලධාරීන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළද එම පැමිණිල්ලට එරෙහිව පරීක්ෂණ නොකිරීම හේතුවෙන් එම අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව මෙලෙස අපරාධ චෝදනා ඉදිරිපත් කරමින් ඇඹිලිපිටිය මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .

මෙම පැමිණිල්ලේ චූදිතයන් ලෙස ඇඹිලිපිටිය කලාප අධ්‍යක්ෂක , සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරිය නම් කර ඇති බව වාර්තා වේ .

එමෙන්ම මීට අමතරව විදුහල්පතිවරයා විසින් ඔහුට හිතවත් කණ්ඩායමක් මෙහෙයවා ආදි ශිෂ්‍ය සංගමය සමඟ ගැටුම් ඇති කරවන බවටත් , විදුහල්පතිවරයාගේ උපදෙස් මත අදාළ කණ්ඩායම දෙමව්පියන් නොමග යවමින් හිස් කොළවලට අත්සන් ගෙන කූඨ ලේඛන සාදන බවටත් කියමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව සඳහන් .

Exit mobile version