මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් වසර දෙකක දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා බවත් , කෘෂිකාර්මික, පශු සම්පත්, ධීවර කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් එම සංවර්ධන සැලැස්ම සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
කෘෂිකාර්මික අංශය තුළ මතුව ඇති ගැටලු විසඳීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් , ඊට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ .