උමාඔයේ අතුගංගාවක් වන මැදකදුර ඔය හරහා ඉදිකර තිබූ අනාරක්ෂිත කොන්ක්රීට් පාලමක් අධික වර්ෂාවත් සමඟ කඩාගෙන යාමෙන් පාලම මතින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු මැදකදුර ඔයට වැටී තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බවට හපුතලේ පොලීසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ හපුතලේ මැදකදුර ප්රදේශයේ පදිංචි අවුරුදු 65, 54 වයසේ පසුවෙන දෙදෙනකු යැයි රෝහල් ප්රකාශයකු ප්රකාශ කර තිබේ.
මෙම කාන්තාවන් දෙදෙනා නිවස කරා පාගමනින් යමින් උමාඔය මැදකදුර ඔය හරහා ඉදිකර ඇති අනාරක්ෂිත කොන්ක්රීට් පාලම මතින් ගමන් කරමින් සිටියදී මෙසේ පාලම කඩා ගෙන ඔයට වැටී ඇති බව සදහන්.