මන්ත්රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාල අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) දැඩි කලබලකාරි තත්වයක් ඇති වූ බව වාර්තා වේ .
රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්රික් මන්ත්රී රෝහණ බණ්ඩාර අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්රික් මන්ත්රී සුජිත් සංජය පෙරේරා සිද්ධිය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබේ.
එහිදී ඩයනා ගමගේ සහ සුජිත් සංජය පෙරේරා අතර ද කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව සඳහන් .
මේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ට අත්හිටුවා ඇති නමුත් අගමැතිවරයාගේ ඉල්ලීමට අනුව ඩයනා ගමගේට කතානායකවරයා හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙමින් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බව වාර්තා වේ.