අද පාර්ලිමේන්තුවේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙලා.

මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාල අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) දැඩි කලබලකාරි තත්වයක් ඇති වූ බව වාර්තා වේ .

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සිද්ධිය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබේ.

එහිදී ඩයනා ගමගේ සහ සුජිත් සංජය පෙරේරා අතර ද කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව සඳහන් .

මේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ට අත්හිටුවා ඇති නමුත් අගමැතිවරයාගේ ඉල්ලීමට අනුව ඩයනා ගමගේට කතානායකවරයා හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙමින් පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

Exit mobile version