මෙරටට ආනයනය කළ මගීන්ගේ ගමන් භාණ්ඩ අඩංගු බහාලුමක තිබී රුපියල් 16,470,000ක් වටිනා හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 98 ක තොගයක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙන බව වාර්තා වේ .
රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ බෙල්ජියමේ සිට මෙරටට ලැබී තිබූ ගමන් මල්ලක තිබී එම මත්ද්‍රව්‍ය තොගය හමු වු බවයි.
වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා ඇති ගමන් මල්ලේ තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව තිබේ .