ඊයේ (10) නාවික හමුදාව විසින් සිදු කළ පාමුර සංචාරයකදී සැකකටයුතු බෑග් හතරක් පරීක්ෂා කර බලා ඇති අතර එහි පාර්සල් 55ක් තිබී ඇති බව කියයි. එම පාර්සල් පරීක්ෂා කර බැලීමේදී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ 126කට අධික තොගයක් සොයා ගැනීමට හැකි වූ බව සදහන් කරයි.
මෙම කේරළ ගංජා තොගය යාපනය – මාදගල් වෙරළ තීරයෙන් සොයා ගත් බව වාර්තා වේ.