පොහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙන බව වාර්තා වේ .
විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන බවට මේ වන විට අමාත්‍යාංශය වෙත තොරතුරු ලැබීම හේතුවෙන් ඒ සඳහා පාලන මිලක් නියම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලධාරීන්ගේ අවදානය යොමුව ඇති බව සඳහන් .
නමුත් තවදුරටත් පොහොර සඳහා පාලන මිලක් පැනවීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ .
පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදුකරන අධ්‍යනයන්ගෙන් සහ වාර්තාවන කරුණු සම්බන්ධයෙන් සිදුකරන නිසි පරීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.