රට රැකියා පෙන්වා මුදල් වංචා කළ යුවලක් මාට්ටු .

ඉතාලි තානාපති කාර්යාලයට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බවට කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 52 හා සැකකාරිය 50 වියේ පසුවන නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version