අධිකරණ සේවකයෙක් නඩු කාමරයේ ගෑස් උස්සලා.

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගෑස් සිලින්ඩර 54 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම අධිකරණයේ සේවය කරන කාර්‍යාලය කාර්‍ය සහයකයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

මෙම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කාමරයේ තිබූ ගෑස් සිලින්ඩර 54 ක් අස්ථානගත වී ඇති බවට අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් පසුගිය අප්‍රේල් මස කුලියාපිටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් අනතුරුව ඊයේ (28) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු යක්දැල්ගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් වන අතර මොහුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් .

Exit mobile version