යුක්තියෙන් ඇල්ලූ වාහනවලට අධිකරණ නියෝගයක් .

යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ තබා ඇති රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරු වෙත ලබාදෙන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

 අදාළ රථ වාහන රඳවාගෙන වැඩිදුර විමර්ශන කටයුතු වෙනුවෙන් අවස්ථාව ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහෙස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මෙම නියෝගය නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් මෙම දේපොළ අත්පත් කර ගැනීම සඳහා මහාධිකරණයෙන් නිසි පරිදි නියෝග ලබා ගෙන නොමැති බව පවසමින් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ දැඩි විරෝධයක් පල කර ඇති බව ද සඳහන් .

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී මළලගේ සුදත් කිත්සිරි නොහොත් “වැලිවිට සුද්දා” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බව පවසමින් ඔහුගේ සහෝදරියක සතු ව තිබූ සුඛෝපභෝගී බස් රථ පහක්, නවීන මෝටර් රථයක් සහ යතුරුපැදියක් කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

Exit mobile version