බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි සැකපිට තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ තීරණයක් ලබා දෙන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළ බව වාර්තා වේ.
එම මූලික විරෝධතා පිළිබඳ නියෝගය මේ මස 20 වනදා ප්‍රකාශයට පත්කරන බවට අභියාචනාධිකරණය නිවේදනය කර තිබේ.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මෙම මූලික විරෝධතා මතු කළ බව සදහන්.