රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් 54 දෙනෙකු බඳවා ගැනීමට නොහැකි වී ඇති බවට සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පවසා ඇති බව වාර්තා වේ.
ඔහු සඳහන් කළේ, ස්වාධින කොමිෂන් සඳහා විශ්‍රාම ගිය පුද්ගලයින් පත් කිරීම මඟින් එහි කටයුතු අකාර්යක්ෂම වී ඇති බවයි.
“දැන් මාස 6ක් තිස්සේ අපි උත්සාහ කරනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමැතිය දීලා නෑ ඒවා ගැසට් කරන්න. ඉතින් මේ ස්වාධීන කොමිෂන් සභා හැදුවට මේවට ඔය විශ්‍රාම ගිය අය දාලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා මම ළඟදීම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා. අවසරය ඉල්ලලා දැන් මාස 6ක්. හැම සතියක් පාසාම අවසර දෙන්න කියනවා. අවසර දෙන්නේ නෑ. ඉතින් බලන්න ස්වාධීන කොමිෂන් සභා කොච්චර අසාර්ථක ද කියලා. රටේ වැඩක් කෙරෙන්නේ නෑනේ.”