රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු පරිභෝජනයට නුසුදුසු ආනයනික ටින් මාළු තොගයක් විනාශ කළ බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම අධිකාරියට ලද තොරතුරක් මත පන්නල – ගලයාය ප්‍රදේශයේ මහා පරිමාණයේ තොග ගබඩාවක තිබී මෙම ආනයනික ටින් මාළු තොගය සොයාගත් බවත් එහි ආනයනික ටින් මාළු ඇසුරුම් 16,150 ක් තිබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කර තිබේ.