ප්‍රදේශ රැසක හෙට (14) උණුසුම් දර්ශකය , එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
මේ අනුව නැගෙනහිර ,උතුරු මැද පළාත් සහ කොළඹ ,ගම්පහ ,කුරුණෑගල ,කිලිනොච්චි, වවුනියා,මුලතිව් ,හම්බන්තොට දිස්ත්‍රික් සැලකිලිමත් වන ලෙස දක්වා තිබේ.
ඒ අනුව ඊට වැඩි වේලාවක් නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු ගතියක්ද විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඩු පෙරළීම් සිදු විය හැකි බවට අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.