මහවැලි ගගෙන් මළසිරුරක්.

පේරාදෙණිය මීවතුර ප්‍රදේශයේදී මහවැලි ගගේ පාවෙමින් තිබු හදුනා ගැනීමට නොහැකි නාදුනන පිරිමි මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තාවේ.

පොලීසිය සදහන් කර ඇති ආකාරයට උස අඩි 5 යි අගල් 6 ක් පමණවන වයස අවුරුදු 30 ත් 40 ත්  අතර පසුවන පුද්ගලයකුගේ මෘත ශරීරයක් බවයි සදහන් වන්නේ.

මිය ගිය පුද්ගලයාගේ අනන්න්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර දේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබේ.

මෙම නාදුනන මළසිරුර පිලිබදව පේරාදෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version