මහරගම කටුවාවල ප්‍රදේශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් නේවාසිකාගාරයක් තුල එම විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය සදහන් කොට ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් නේවාසිකාගාර ගොඩනැගිල්ල කුළී පදනම මත ගෙන ශිෂ්‍ය නේවාසිකාගාරයක් ලෙස පවත්වාගෙන යන බවත් එහි බිම් මහලේදී මෙම මල සිරුර සොයා සොයාගෙන ඇති බවත්ය.
මෙම මරණය සිදුවූ නේවාසිකාගාරයේ තවත් සිසුන් 64 ක් පමණ නේවාසිකව සිටින බවට අනාවරණය වී ඇති අතර සිසුවා එල්ලී සිටිනු දැක ඇති අනෙක් සිසුන් ලනුව කපා දමා ඇති බව පොලිසිය සදහන් කරයි.
මෙම මරණය පිලිබදව මියගිය සිසුවාගේ ඥාතීන් මරණය සැක සහිත බව ප්රකාෂකොට ඇති අතර ඒඅනුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබේ. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි සිසුවෙකි.
මරණය පිලිබදව මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.