ලුණුවිල පාසල ඉදිරිපිට මළ සිරුරක් .

ලුණුවිල දෙමටපිටිය විදුහලේ ගේට්ටුව අසල නිරුවත් පිරිමි මළ සිරුරක් තිබී අද (31) උදෑසන සොයාගත් බව වාර්තා වේ.

මෙම පුද්ගලයාගේ හිසේ ලේ ගලන තුවාලයක් පෙනෙන්නට ඇති බවට මාරවිල මූලස්ථාන පොලීසියේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

 මෙය ඝාතනයක් බවට මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.

මළ සිරුර මුනින් අතට වැටී ඇති අතර ඒ අසල යතුරුපැදියක ආරක්ෂිත හිස්වැස්මක් ද තිබී පොලිසිය සොයා ගෙන ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව දුම්මලදෙනිය පදිංචිව සිටි අසේල පෙරේරා නැමැති අයෙකි.

Exit mobile version