රීදීගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙලගෙදර පොලිස් වසමේ නිවසක ගෙවත්තක ළිඳක් තුළ තිබී නාඳුනන බිළිඳියකගේ මළසිරුරක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ නිවෙස් හිමියා නිවසෙහි ජලය නොමැති වීම හේතුවෙන් වතුර මෝටරය ක්රියාත්මක කිරීමට පෙර ළිඳ පරීක්ෂා කර බලා ඇති අතර එහිදී බෝනික්කෙකු ජලය මත පාවෙනු දැක එය ඉවත්කිරීමට ලීයක් ගෙන එහා මෙහා කිරීමේදී එය බෝනික්කෙකු නොවන බවට එම නිවෙස් හිමියා හඳුනාගෙන ඇති බව සඳහන් වේ.
පසුව ඔහු විසින් එය තවදුරටත් පරීක්ෂා කර ඇති අතර එහිදී හඳුනාගෙන ඇත්තේ එය බිළිඳියකගේ මළසිරුරක් බවයි.
පසුව මේ සම්බන්ධයෙන් නිවෙස් හිමියා විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පොලිසිය විසින් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර ඇති අතර මහෙස්ත්රාත්වරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිඳියගේ මළසිරුර කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා ඇති බව වාර්තා වේ.