ලැගුම්හලක පාසල් දැරියකගේ මළසිරුරක් .

ලැගුම්හලක කාමරයක් තුළ ඇඳක් මත දින කිහිපයකට පෙර මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය 12 වනදා දහවල් කාලයේ දී කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක වසා ඇති කාමරයක් තුළින් දුර්ගන්ධයක් හමන බවට එහි සේවකයෙකු විසින් කෝපායි පොලීසියට දැනුම්දී තිබුණි.

ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී කාමරයේ තිබී මියගිය දැරියගේ මළ සිරුරක් සහ තවත් ඇඳක සිහිසුන්ව සිටි කාන්තාවක් සොයාගෙන ඇති බව සදහන්.

පසුව එම කාන්තාව ගිලන් රථයකින් යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් සිට ඇත්තේ අවුරුදු 12ක් වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පාසල් දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මියගිය දැරිය මෙම කාන්තාවගේ පළමු විවාහයේ දියණිය බවට අනාවරණය වී තිබේ.

මොවුන් දෙදෙනා පසුගිය සැප්තැම්බර් මස 9 වනදා ලැගුම්හල වෙත පැමිණ ඇති අතර, එහිදී කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් ලබාදී, නිදි පෙති 10ක් ලබාදී දැරියව ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර දැරියගේ පියා වෙත භාර දී ඇති බව සදහන්.

අපරාධයට සම්බන්ධ කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

Exit mobile version