මොරගහකන්ද ජලාශයෙන් සෙබලෙකුගේ මළ සිරුරක්.

ඊයේ (23) රාත්‍රියේ මොරගහකන්ද ජලාශයෙන් පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව වාර්තා වේ.

දඹුල්ල කිරලගොල්ල යුද හමුදා කදවුරේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක එක් අයෙකු නොමැති බව අනාවරණය වීමෙන් අනතුරුව සිඳු කළ සෝදිසි මෙහෙයුමක දී මොරගහකන්ද ජලාශයේ බැම්මට මීටර් 300ක් පමණ පහළින් ජලය ගලාගෙන යන පාලම යට තිබිය දී මළ යුද හමුදා සෙබළාගේ මළ සිරුර සොයා ගත් බව සඳහන්.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකි.

Exit mobile version