පාළු නිවසක් අසල කාන්තා මළසිරුරක් .

පාළු නිවසක් අසල කාන්තා මළසිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (29) උදෑසන කාලයේදී කටුනායක වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් අසල තිබී එම සිරුර සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ කටියල දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇය සිය සැමියාගේ මව, පියා සහ දියණිය සමග පදිංචිව සිට ඇති අතර පසුගිය 25 වනදා වල්පොල ප්‍රදේශයේ ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ බවට අනාවරණය වී ඇත.

මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version