පාකිස්තාන අගමැති ධූරය ගැන තීරණයක් .

පාකිස්තානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස නවාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, පකිස්තානයේ නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ ඇති බවයි.

පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අවශ්‍ය සහාය ලබා දෙන බව භූතෝගේ පීපීපී පක්ෂය සඳහන් කර තිබිණි.

මැතිවරණයේදී නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අසන 75 සහ භූතෝගේ පීපීපී පක්ෂය ආසන 54 බැඟින් ලබා ගෙන තිබේ.

අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට තම පක්ෂය සහාය දක්වන  බවට භූතෝ පවසන අතර, ඔහු මීට පෙර කියා සිටියේ එය කැබිනට් තනතුරු නොගන්නා බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂය අවධාරණය කර ඇත්තේ මැතිවරණය තමන්ට එරෙහිව දූෂණය සිදුව ඇති බැවින් ප්‍රතිඵලවලට අභියෝග කිරීමට පියවර ගන්නා බවයි.

Exit mobile version