මග නැවතුණු වැඩ ගැන තීරණයක් .

ඉදිකිරීම් ආරම්භ කර අතරමග නැවතී ඇති මෙරට මාර්ග පද්ධතියේ ඉදිකිරීම් කටයුතු නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් , ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට නියමිත බවත් , එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිමකර ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරන බවත් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,

” මේ රටේ මහා මාර්ග හදලා වැඩ බාගෙට නතර කරපුවා මේකට ගෙවන්න මුදල් නැතුව කොන්ත්‍රාත්කරුවෝ විශාල අසීරුතාවයකට පත් වුණු වෙලාවක් . මේ මුදල ඉක්මනින් ගෙවලා දෙන්න කියලා තමයි කිව්වේ . ඒ වන විට ගෙවීමට තිබුණා මිලියන 180.9 ක්. මම එනකොට. එතකොට මේ මුදල අවුරුද්දට අඩු කාලයක් පාරවල් හදන්න වියදම් වෙන මුදලට සමානයි කියන එක තමා මම හිතන්නේ . අපි මේ වන විට මිලියන 151.7 ක් ගෙවලා තියෙනවා . අදට ගෙවන්න තියෙන්නෙ මිලියන 29.2 ක්. මේ මුදල සම්පූර්ණයෙන් ගෙවලා කොන්ත්‍රාත්කරුවෝ අද නිදහස් වෙලා . නැවත මේ කටයුතු කරන්න පටන්ගෙන තියෙන්නේ. අපි මේ අයවැයෙන් බලාපොරොත්තු වෙනවා පාරවල් නඩත්තු කිරීම වගේ ම නතර කරපු පාරවල් ඉවර කරන්න ඉදිරි කාලයේදී කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. “

Exit mobile version